දෙනියාය පාසල් වසා දැමුණු උණ රෝගයට හේතුව හෙළිවෙයි
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සංචාරක වීසා ලබා ගෙන ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසාවට මාරු වීමේ ක්‍රමවේදය ජූලි 1වන දා සිට අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.
මේ අනුව, ‘වීසා පැනීම’ ලෙස හඳුන්වන එම ක්‍රමය වළක්වා දැමීම ඔස්ට්‍රේලියානු රජය ලබා ගත් එම තීරණයේ අරමුණ වී තිබේ.
පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ මැයි දක්වා සංචාරක වීසා ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අයැදුම්පත් 360,000ක් ලැබී ඇති අතර ඔවුන් සංචාරක වීසාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසාවට මාරු වීමේ ලැයිස්තුව බව ඔස්ට්‍රේලියානු අගමැති කාර්යාලය නිවේදනයක් ද නිකුත් කර ඇත.
අධ්‍යයනය කිරීමට පැමිණෙන්නන් සහ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමට ඔස්ට්‍රේලියාව මෙම වසර මුල සිට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ අතර ඒ පිළිබඳ රෙගුලාසි දැඩි කිරීමේ තවත් පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මේ අනුව, ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ උපාය මාර්ගයන් ජාත්‍යන්තර අධ්‍යාපනයේ ඇති හිස්තැන් වැසීම සඳහා පැහැදිලි සැලැස්මක් සහිතව ක්‍රියාත්මක බව ත් එහි මීළඟ පියවර ලෙස වීසා පැනීම නවත්වන බව ත් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක පවසා තිබේ.
එසේ ම, ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෑම උපාධිධාරින් තුන් දෙනකුගෙන් එක් අයෙක් ම අඩු මුදලක පාඨමාලා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ බොහෝ කාලයක් එහි රැඳී සිටින බව ග්රැටන් ආයතනය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
Mawbima.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.