තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙරට රැකවරණය යටතේ සිටි ඉරාන ජාතිකයන් 238 දෙනෙකු ඊයේ යළි ඉරානය බලා පිටත්ව ගොස් තිබේ.
එලෙස පිටත්ව ගොස් ඇත්තේ, මෙරටට ආසන්න මුහුදු තීරයේදී ප්‍රහාරයකට ලක්ව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගත්, 'IRIS Dena' සහ 'IRIS Bushehr' යන නෞකාවල සිටි ඉරාන ජාතිකයින් පිරිසක්.
එම ඉරාන ජාතිකයින් පිරිස රැගත් විශේෂ යානය ඊයේ(14) රාත්‍රියේ මෙරටින් පිටත්ව ගොස් තිබේ.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.