තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වන වාරිකය මුදා හැරීම සඳහා කෙරෙන සමාලෝචනය සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් සමග අද(22) සාකච්ඡා කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු නියෝජිත කණ්ඩායම මෙම සාකච්ඡාවට සහභාගි විය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් ඊට සහභාගි වූ බවයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා ඊයේ(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, තුන්වන වාරිකයට අදාළ කාර්යය මණ්ඩල එකඟතාවට හෙට(23) දිනය වනවිට අත්සන් තැබීමට හැකිවනු ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.