තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වන වාරිකය මුදා හැරීම සඳහා කෙරෙන සමාලෝචනය සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් සමග අද(22) සාකච්ඡා කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු නියෝජිත කණ්ඩායම මෙම සාකච්ඡාවට සහභාගි විය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් ඊට සහභාගි වූ බවයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා ඊයේ(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, තුන්වන වාරිකයට අදාළ කාර්යය මණ්ඩල එකඟතාවට හෙට(23) දිනය වනවිට අත්සන් තැබීමට හැකිවනු ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.