නාමල්ට අල්ලස් දුන් චෝදනාවට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතහැර වෙනත් පක්ෂයකට යාමට සූදානම්ව සිටින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන ප්‍රකාශය අසත්‍ය බවත්, එවැනි අදහසක් නොමැති බවත්, හිටපු අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පවසයි.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළා ය.
“මගේ දේශපාලන ආගමනය සිද්ධ වෙන්නේ දිවංගත සනත් නිශන්ත රාජ්‍ය අමාත්‍යතුමා හේතු කොගෙන. මං කවදා හරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත ඇරලා වෙනත් පක්ෂයට යනවා කියන්නෙ මං හිතන්නේ නෑ මොන සමාජ මාධ්‍ය ජාලාවක හෝ කිනම් මාධ්‍යක ප්‍රකාශයට පත් වුණත් මගේ දේශපාලනික ආගමනය සිද්ධ වෙච්ච විදිහට කිසි කෙනෙක් විශ්වාස කරයි කියලා. මගෙත් එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ…
අපි ආණ්ඩුව කරගෙන යන හැටි එදා ඉදන් අද වෙනකන් තවමත් බලාගෙන ඉන්නවා. ජනතාවට පෙනෙනවා මේ ආණ්ඩුව ජනතාවට සක්‍රීය සේවකයක් කරනවාද? නැද්ද? ඒ අයගේ දැනුමෙන් තියෙන පරිචය පිළිබඳව ජනතාවට පෙනීගෙන යන වෙලාවකදී අපී මෙ..මේ..මේ.. කියලා අත දිග් කරන්න ඇඟිලි දිග් කරන්න අවශ්‍ය නෑ කියලා මම විශ්වාස කරනවා…
ජනතාව දනන්වා ජනතාවට ලබාදීපු පොරොන්දු සහ ඉෂ්ඨ කරපු පොරොන්දු මොනාද සහ නැති පොරොන්දු මොනාද කියලා ජනතාව දන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා අද අපි සංවිධායක ධූර ලිඛිතව ලබා ගැනීම තුළ ආසන තුළ ලොකු පිබිදිමක් ඇති වෙන්න නියමිතයි. අපි දන්නවා ජනාධිපතිවරණය, මහ මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන මැතිවරණය තුළ විශිෂ්ඨ ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබුවා.ඉතින් මේක ඉදිරි මැතිවරණයට තුළ වෙනසක් වීමට නියමිතයි.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.