ළමුන් දෙදෙනෙක් මියගිය දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 3ක්
දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පසුගිය 2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී අඩකින් අඩුවී ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් ලබා දෙන අස්වැසුම සහනාධාරය කප්පාදු කරන ලෙස ලබා දුන් උපදෙස් අනුව මෙම කප්පාදු කිරීම් සිදු කළේ ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසූ පැනයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව අද (11) පාර්ලිමේන්න්තුවේදී කියා සිටියේ ය.
පසුගිය 2023 වසරේදී ආරම්භ කළ අස්වැසුම වැඩසටහන නැවත සමීක්ෂණයක් සිදුකළ යුතු බවට පනත මගින්ම දන්වා ඇති බවත් ඒ අනුව පළවෙනි අදියරේ සහ දෙවන අදියරේදි ලැබුණු අයදුම්පත්‍ර මේ වන විට සහතික කරමින් පවතින බවත් පැවසූ අමාත්‍යවරයා එය මෙම මාසය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම වැඩසටහන පසුගිය 2023 වසරේදී ආරම්භ කරන විට ප්‍රතිලාභීන් 1,773,445ක් සිටි නමුත් එය 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට 1,761,116ක් ලෙස සටහන් වී ඇති බවය.
එමෙන්ම පසුගිය 2025 වසරේදී ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,439,917ක් ලෙස සටහන් වූ නමුත් මෙම වසරේ අගොස්තු මාසය වන විට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,251,522ක් දක්වා අඩුවී ඇති බවත් සඳහන් කළේය.
ඒ අනුව අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ, සංක්‍රාන්ති යන කාණ්ඩ 4ක් යටතේ අස්වැසුම ප්‍රතිලාභය ලබා දුන් බව පැවසූ අමාත්‍යවරයා පසුගිය දෙසැම්බර් මාසයේදී සංක්‍රාන්ති සඳහා කළ ගෙවීම් මෙන්ම අවදානමට ලක්වූ කොටස් සඳහා ගෙවීම් පසුගිය ජූනි මාසයේදී අවසන් වූ බවද සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට අන්ත දුප්පත් සහ දුප්පත් යන කාණ්ඩ දෙක සඳහා පමණක් අස්වැසුම ප්‍රතිලාභය ගෙවීමට රජය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඒ අතර තුර නැවත සමීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
"මේ වැඩසටහන ආරම්භ කරන්නේ 2023දී. 2023 දෙසැම්බර් වෙනකොට ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව 1,773,445යි. 2024 දෙසැම්බර් වෙනකොට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,761,116යි. 2025දී 2439,917යි. 2026 අගෝස්තු මස වෙනකොට 1,251,522යි. මේ වැඩසටහනේදී අඩු වීමට හේතුව වෙන්නේ වැඩසටහනේදීම තියෙනවා නැවත සමීක්ෂණයක්. ඒ අනුව තමයි පළවෙනි අදියරේදී සහ දෙවන අදියරේදී ලැබුණු අයදුම්පත්‍ර මේ වෙනකොට නැවත සහතික කරමින් තිබෙනවා. එය සැප්තැම්බර් මාසයේ අවසානයේදී අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට 90%ක ප්‍රථිපලයක් ලැබිලා තියෙනවා. කාණ්ඩ අනුව අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ, සංක්‍රාන්ති කියලා කාණ්ඩ 4ක් තියෙනවා. වැඩසටහන ආරම්භ කරනකොටම තිබුණේ අන්ත දුප්පත් රුපියල් 15,000යි, දුප්පත් රුපියල් 8,500යි, අවදානමට ලක්වූ රුපියල් 5,000යි, සංක්‍රාන්ති 2,500යි වශයෙන්. අපි මේක වෙනස් කළා 2025-12-15 වැනිදා ගැසට් නිවේදනය මගින් ඒ අනුව රුපියල් 15,000 අන්ත දුප්පත් දීමනාව අපි 17,500ක් දක්වාත්, රුපියල් 8500 දීමනාව 10,000 දක්වාත්, රුපියල් 2500 දීමනාව 5000 දක්වාත් වැඩි කළා. මූලික වැඩසටහනට අනුව මේක අවසාන වෙන්න තිබුණේ සංක්‍රාන්ති එක 2024දි අවසන් වෙන්න තිබුණා නමුත් ඒක සංශෝධනය වෙලා අවසානයේදී 2025 දෙසැම්බර් ඒ කොටස අවසාන වෙලා තියෙනවා. අවදානමට ලක්වූ කොටස 2026 ජූනි අවසන් වෙලා තියෙනවා. මූලික වැඩසටහනට අනුව ඉතුරු කාණ්ඩ දෙක 2027 ජූනි වෙනකන් තියෙනවා. ඒ අතරදි තමයි නැවත සමීක්ෂණය සිදු කරලා එකතු වෙන ප්‍රමාණය බලන්න ඕනේ දැනට ලක්ෂ 12යි ගාණකට ඇවිත් තියෙනවා"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
වෙනත් රටක ස්ථිර පදිංචිය ලබා ගත නොහැකිව ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යා ජාතිකයන් ඇතුළු අනිකුත් සරණාගතයන්ට "පුරවැසි භාවය හෝ ස්ථිර වාසස්ථාන" සඳහා අනුමැතිය ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස, මෙරට වෙසෙන රොහින්ග්‍යා සරණාගතයෙක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
නීතිවිරෝධී ලෙස ටෙලිග්රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමය ඔස්සේ අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් විදේශීය බැංකු ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.