කාන්තා නියෝජනය 33%ක් කරන්න යෝජනාවක්
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා නීතිමය සංශෝධන අවශ්‍ය බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර තිබේ.
දිට්වා ආපදා තත්ත්වයෙන් නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය මඟින් ලබාදෙන මාසික තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අයවැය චක්‍රලේඛ අංක 08/2025 (iv) මඟින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ බව දැනුම් දී තිබේ.
මීට පෙර ක්‍රියාත්මක වූ නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ, සුදුසු ස්ථානයක නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලිකව පදිංචි වීම සඳහා ලබා දී තිබුණේ මාස 06 ක කාලයකි.
නමුත් "ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන" යටතේ සිදු කළ නව සංශෝධනයට අනුව එම සහනය පහත පරිදි ක්‍රියාත්මක වේ:
සහනය - නායයෑම් හා ගංවතුරින් නිවාස අහිමි වී, පදිංචි වීමට නිවසක් නොමැති නිවාස හිමියන්ට නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලිකව පදිංචි වීම සඳහා ලබා දෙන මාසික ගෙවල් කුලී දීමනාව.
දීමනාව - මාසිකව රුපියල් 25,000/- බැගින්.
කාලසීමාව - උපරිමය මාස 09ක් දක්වා (පෙර පැවති මාස 6 ක කාලය තවත් මාස 3 කින් දීර්ඝ කර ඇත).
2025.12.05 දිනැති මූලික අයවැය චක්‍රලේඛයේ සඳහන් අනෙකුත් සියලුම කරුණු සහ කොන්දේසි නොවෙනස්ව පවතින බවද භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා නීතිමය සංශෝධන අවශ්‍ය බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර තිබේ.
දිවයින පුරා අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද 13) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.