සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට දැඩි කරන බව එම සංගමය පවසයි.
ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව එම සංගමය සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද සිට ආරම්භ කරන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තුළදී
* රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම
* රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම
* දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම
* අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම
* රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම
* මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සදහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම
වැනි වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එළැඹීමට තමන් සූදානම් වන බවය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 26 වැනිදා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.