තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව ඔවුන් අද සිට ලබන 11 දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපයත් සමඟ තම සංගමය සමග එකඟ වු කොන්දේසී කඩ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.