තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව පිලිබඳව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට නියමිත බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ ය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සතිය තුළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වන තෙවැනි අවස්ථාව මෙයයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.