විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති අතර, දිවයින පුරා විදුලි සැපයුම ද ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසයි.
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්ය පියංකර ජයරත්න ට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළේය.
2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන් සඳහා ආහාර ලබාදීමට ශ්රීලන්කන් කේටරින් සමාගමේ මුදල් භාවිත කිරීම සම්බන්ධයෙන් පියංකර ජයරත්න ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා ගොනුකර තිබුණි.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ දීර්ඝ කාලයක් පැවති නඩු විභාගයෙන් අනතුරුව අද එහි තීන්දුව ප්රකාශයට පත් කෙරිණි.
නඩුවට අදාළ චෝදනාවල දැක්වෙන්නේ, රාජ්ය සමාගමක් වන ශ්රීලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මාරවිල පිහිටි පෞද්ගලික කේටරින් ආයතනයකට අදාළ සංග්රහ කටයුතු සඳහා රුපියල් 330,000ක මුදලක් ගෙවා ඇති බවයි.
එම මුදල ගෙවීමට ශ්රීලන්කන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පෙළඹවූ බවට එවකට සිවිල් ගුවන් සේවා අමාත්යවරයා ලෙස කටයුතු කළ පියංකර ජයරත්න ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති අතර, දිවයින පුරා විදුලි සැපයුම ද ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසයි.
අද පෙරවරුවේ සිට දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (16) නියම කළේය.