වීදි සතුන් ගැන සුබ ආරංචියක්
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
Google සමාගම විසින් සිය කෘත්‍රිම බුද්ධි අවකාශය වන ‘Gemini’ හි වැඩිදියුණු කරන ලද විශේෂාංග ඇතුළු අනෙකුත් ප්රතිලාභ නොමිලේ ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න අවධාරණය කර තිබේ.
මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනක් පැවති සහයෝගීතා වැඩසටහනක සාර්ථක ප්‍රතිඵලයක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ AI National Expo ප්‍රදර්ශනය අද (29) ආරම්භ කරමිනි.
මෙම නව වැඩසටහන ඔස්සේ දිවයිනේ සිසුන්ට අති නවීන කෘත්‍රිම බුද්ධි මෙවලම් (AI tools), ක්ලවුඩ් පරිගණක වේදිකා (cloud computing platforms) සහ ඩිජිටල් ඉගෙනුම් සම්පත් සඳහා නොමිලේ ප්‍රවේශ වීමට පහසුකම් සැලසෙනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.
මෙම පියවර මඟින් ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ ඩිජිටල් සාක්ෂරතාවය සඳහා වන ජාතික හැකියාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙන අතර, එමගින් අනාගත පරම්පරාව නව්‍යකරණය සඳහා සවිබල ගැන්වීමත්, සංකීර්ණ අභියෝග විසඳීමට සහ ගෝලීය වශයෙන් තරග කිරීමට ඔවුන්ට ඉඩ සලසා දීමත් සිදුවනු ඇති බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, වැඩිදුර තොරතුරු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.