තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බස්නාහිර , සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ , උතුරු සහ උතුරු - මැද පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බැවින් සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
විශේෂයෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් අධික උණුසුම පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කරන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩි දුරටත් දැනුම් දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.