වීදි සතුන් ගැන සුබ ආරංචියක්
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනුයේ පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බවත් වයස අවුරුදු 20න් පසුව සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකරගත යුතු බවය.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අවුරුදු 20-40ත් අතර වසයේ පසුවන අයෙකු වේ නම් වසර 3කට වරක්ද, අවුරුදු 40කට වැඩි නම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකටද යොමුවන ලෙසය.
පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාව්‍යක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුළට ගිලී යාම, පියයුරුවල වේදනාව, සමේ ඇතිවන වෙනස්කම් වැනි රෝග ලක්ෂ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද ඒ සඳහා සුනනාරි සායන, සුවදිවි සායන, පිළිකා කල් තියා හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන සඳහාද යොමු විය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.