CLOSE

අජිත් තිලකසේන ගැන මුහුණු පොතේ සංවාදයක් ඇති වීම සාධනීය කරැණක්. වත්මන් පරපුර ඔහු ගැන නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. උසස් පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා වූ කෙටි කතා එකතුවේ ඔහුගේ එකදු කෙටි කතාවක් හෝ නැහැ. 'වතුර' නැමැති කෙටි කතාව එක් කලක දී ඇතුළත්ව තිබුණ නමුත් බෙල්ලන්විල විමලරතන නැමැති භික්ෂුවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිසා එය ඉවත් කරගෙන තිබෙනවා.

අජිත් තිලකසේන ගැන මුහුණු පොතේ සංවාදයක් ඇති වීම සාධනීය කරැණක්. වත්මන් පරපුර ඔහු ගැන නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. උසස් පෙළ සිංහල සාහිත්ය විෂය සඳහා වූ කෙටි කතා එකතුවේ ඔහුගේ එකදු කෙටි කතාවක් හෝ නැහැ. 'වතුර' නැමැති කෙටි කතාව එක් කලක දී ඇතුළත්ව තිබුණ නමුත් බෙල්ලන්විල විමලරතන නැමැති භික්ෂුවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිසා එය ඉවත් කරගෙන තිබෙනවා.
 
අජිත් තිලකසේන නොමැතිව සිංහල කෙටි කතාව ගැන හැදෑරිය යුතු යැයි විෂය නිර්දේශය සකසන ආචාර්ය මහාචාර්යවරැන් තීරණය කර තිබීම නිසා ඔහු තරැණ පරපුරට අතපසු වීම පුදුමයක් වන්නේ නැහැ.
 
සිංහල සාහිත්යයට සහ සිංහල භාෂාවට අජිත් තිලකසේනගේ මැදිහත් වීම ඉතාමත් සංකීර්ණයි.
 
අද ඇන්ඩ්රොයිඩ් දුරකථනයෙන් සිංහල පණිවුඩ යවන තරැණ පරපුර සිංහල බස ඉලෙක්ට්රොනික යතුරැලියනය කිරීම සඳහා තිලකසේන​ගේ භාෂාමය අත්හදාබැලීම් උපකාරී වූ බවක් දන්නේ නැහැ.
 
අජිත් තිලකසේන පැහැදිලිව ම අනාගතවාදියෙක්. භාෂාව සම්බන්ධ අත්හදාබැලීම් පමණක් නොව සාහිත්ය කෘතිතුළ ගැබ්ව ඇති අත්දැකීම් ද පැහැදිලිව ම අනාගතවාදී වෙනවා.
 
(ඔහුගේ සාහිත්ය භාවිතාව ක්රිස්ටෝපර් නොලාන්ගේ සිනමා භාවිතාව සිහිගන්වන සුළුයි.)
 
අද පවා ඇතැම් ලේඛකයින් වස්තු විෂය කර ගැනීමටත්, විවෘතව කතා කිරීමටත් බියක් දක්වන ලිංගික කාරණා ඔහු සිය කෙටි කතා මගින් සාකච්ඡාවට බඳුන් ක​ළේ මීට දශක හතරකටත් කලින්. සමරිසි භාවය, සංක්රාන්ති ලිංගිකයින්, විෂම යැයි සලකන ලිංගික චර්යාවන් ඔහුගේ කෙටි කතා තුළින් පාඨකයාට මුණ ගැසෙනවා. නාගරිකත්වය, නාගරික ජන ජීවිතය. මැද පාන්තික මනෝභාවය ගැඹුරින් ස්පර්ශ කරන්නට ඔහු සමත් වෙනවා.
 
තිලකසේනගේ සුන්නද්දූලි' කෙටි කතා පොත සොයාගෙන කියවන මෙන් මා තරැණ පාඨකයින්ට යෝජනා කරනවා. එය අජිත් තිලකසේන නැමැති ලේඛකයා වටහා ගැනීමට හොඳ කවුළුවක් ඔබට විවර කරන බව මගේ විශ්වාසයයි.
 
ඔබ කියවීමට මැලි කමක් දක්වන කෙනෙක් නම් ධර්මසේන පතිරාජගේ 'පාර දිගේ' චිත්රපටය නරඹන්න. එය තිලකසේනගේ තිර රචනයක්.
 
1933 දී උපන් අජිත් තිලකසේන දැන් රෝගාතුරව සිටිනවා. ඔහුට දැන් ලිවීම කළ නොහැකියි. එහෙත් ඔහුගේ මනස තවමත් නිරෝගියි. සාහිත්ය කලාව ගැන ඔහු තවමත් උනන්දුයි.
 
වතාවක් අජිත් තිලකසේන සමග යෙදුණු කෙටි පිළිසඳරකින් පසු ඔහුගේ එකදු ලියවිල්ලක් හෝ කියවා නැති මගේ දියණිය මෙසේ කිව්වා.
'ඒ සීයා හරිම මොඩර්න්'
 
ඔබ අජිත් තිලකසේනගේ ලියවිලි කියවන්නේ නම් ඔබටත් ඒ 'මොඩර්න්' මිනිසා මුන ගැසේවි. ඔහුගේ නවීනත්වයෙන් ඔබ මවිතයට පත් වනු නිසැකයි.
 
(මේ මා විසින් ගත් අජිත් තිලකසේනගේ ඡායාරෑපයක්)
සටහන - Aruna Premarathne

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.