ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය රියදුරු වෘත්තීය සමිති පවසයි.
ඔවුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ රියැදුරු පුහුණුවට තරග විභාගයෙන් තෝරාගත් පිරිසට අමතරව යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද බඳවා ගැනීමට විරෝධය පළ කරමින් .
කෙසේ වෙතත් ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රවාහන හා මහාමාර්ග නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේ , යුද හමුදා සාමාජිකයින් 20 දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගත් තීරණය අත්හිටවූ බවයි.
ඒ අනුව වැඩ වර්ජනය අත්හිටවීට වෘත්තිය සමිති තීරණය කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.