CLOSE

මෙම වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැක බලාගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාන්‍ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසයි.

‘ඊටා ඇක්වා රිට්ස්’ ලෙස නම්කර ඇති උල්කාපාත වර්ෂාව අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් නැගෙනහිර අහස නිරීක්ෂණ කිරීමේ දී පියව් ඇසෙන් දැක ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වූ අභ්‍යවකාශ විද්‍යාන්‍ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර සඳහන් කර සිටියේ හෙට (06) අලුයම 4-5 අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් දර්ශනය වන බවයි. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.