PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අගෝස්තු 26 වැනිදා භෝටේ කොෂි ගඟේ ඇති වූ දැවැන්ත ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් නේපාලයේ සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් ලබාදී තිබේ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි රුවන්ති දෙල්පිටිය විසින් මෙම මූල්‍ය ආධාරය නේපාල විදේශ අමාත්‍ය ශිෂිර් ඛනාල් වෙත කත්මණ්ඩු නුවර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද (9) නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම ආපදා තත්ත්වයෙන් රාසුආ, නුවකෝට්, ධාදින් ඇතුළු දිස්ත්‍රික්ක රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, විශාල ජීවිත හානි සහ දේපළ හානි සිදුව තිබේ.
ශ්‍රී ලංකා තානාපතිනිය එහිදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාල ජනතාව වෙත සිය සංවේගය සහ සහයෝගීතාව පළ කර ඇති අතර, ආපදාවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල් වෙත සිය ශෝකය ද ප්‍රකාශ කර තිබේ.
මෙම මූල්‍ය ආධාරය නේපාල රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මානුෂීය, සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා මෙන්ම ගංවතුර හා නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා යොදා ගැනීමට නියමිතය.
මෙම ආධාරය මගින් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, සහයෝගීතාව සහ සමීප සබඳතා තවදුරටත් තහවුරු වන බව ශ්‍රී ලංකා රජය සඳහන් කරයි.
නේපාලයේ සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ඉදිරියේදී ද සුදුසු ආකාරයෙන් සහාය ලබාදීම සඳහා නේපාල රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකා රජය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.