දිස්ත්‍රික්ක තුනක නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කරයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (03) ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ පොල්පිටිය මොරහේනේගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 සහ 83 වන එම නිවසේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ මාතලේ සිට පැමිණි ඔවුන්ගේ වයස අවුරුදු 22 සහ 58 වන ඥාතීන් දෙදෙනෙකි.
මේ අතර, නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම අනතුර හේතුවෙන් නාවලපිටිය – දොලොස්බාගේ මාර්ගයේ දෙවන කණුව අසල කොටස සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.
එමෙන්ම, වටවල පොලිස් වසමේ ඥානානන්දගම ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා ඇති පාලම මතින් ගමන් කරමින් සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු ගඟට වැටී දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
තවත් සිද්ධියකදී, ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ප්‍රදේශයේ ජලයෙන් යටවූ මාර්ගයක ගමන් කරමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.