අධිවේගයේ රියදුරන්ට සහ මගීන්ට ආසනපටි පැලඳීම ගැන විශේෂ දැනුම්වත් කිරීමක් මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මේ බව පවසා සිටියේ ය.
ආසනපටි නොමැතිව ගමන් කරන පුද්ගලයෙකුට රු 1,000ක දඩ මුදලක් පැනවිය හැකි බවත් ආසනපටි නොපැලඳ සිටින මගීන්ගෙන් එම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, මංජුල කුලරත්න පවසා සිටියේ, ආසන පටි නොමැති වාහන සඳහා ආසනපටි සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් මස 19 වන දිනෙන් අවසන් වන බවය.
ඒ අනුව, 2025 සැප්තැම්බර් මස 25 දින නිකුත් කළ 2455/29 දරණ ගැසට් නිවේදනය අනුව අධිවේගයේ සියලු වාහන සඳහා ආසනපටි පැලඳීමේ නීතිය ක්‍රියාත්මක වීමට නියමිත ය.