CLOSE

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.

එහිදී මීටර් 89.04ක දුරක් වාර්තා කරමින් රුමේෂ් තරගයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාසයට එක්විය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (06) අලුයම අවසන් වූ තරගයේදී ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් මීටර් 87.47ක දක්ෂතාවක් දක්වමින් දෙවැනි ස්ථානයට පත්විය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.