CLOSE

සෙනසුරාදා අලුයම ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.

සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ නිල මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී. පුද්ගලයන් කිහිපදෙනෙකු විවිධ මට්ටමේ තුවාල ලබා ඇති බව BNPB ඒජන්සිය සඳහන් කර තිබේ.

භූමිකම්පාවෙන් සහ ඉන් අනතුරුව ඇති වූ පසු කම්පන දුසිම් ගණනකින් කලාපයේ ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබේ.

සෙනසුරාදා එරට වේලාවෙන් පෙරවරු 5.00ට මඳ වේලාවකට පෙර (සිකුරාදා GMT වේලාවෙන් රාත්‍රී 10.00ට පමණ) ෆ්ලෝරස් දූපතට මෙම භූමිකම්පාව බලපා තිබේ. එය කිලෝමීටර් 15ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා හා භූ භෞතික විද්‍යා ඒජන්සිය සඳහන් කළේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.