PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කොළඹ වරාය නගරයේ පාලමක් මත රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටින චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
2026 ජූලි 23 වැනිදා සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින අතර, සිද්ධියට සම්බන්ධ තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනා තවදුරටත් මෙරට රැඳී සිටින බවයි. ඔවුන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම වීසා කාලසීමාවද මේ වනවිට අවසන් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම සැකකරුවන් ගුවන් හෝ මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස රටින් පිටව යාමේ අවදානමක් පවතින බැවින්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අවශ්‍ය බව පොලිසිය පවසයි.
සැකකරුවන් තිදෙනාගේ ඡායාරූපද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, ඔවුන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා 0718 591 735 යන දුරකථන අංකයෙන් දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.