''මට ගැහුවේ අතින් පයින්, පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙළි කරනවා'' - ගුණතිලක රාජපක්ෂ
ඉකුත් ජුනි 3 වෙනිදා ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ කොළඹ පිහිටි සිය නිවසේදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.