CLOSE

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ලිංගික වදහිංසාවලට ලක් වූ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරයා තම x ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, අදාළ වෙද්‍යවරියගේ කිසිදු පෞද්ගලික තොරතුරක් කිසිදු විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යයක් තුළ  ප්‍රසිද්ධ නොකරන ලෙසයි.

afdas.JPG

 

වෛද්‍යවරු අද දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක

 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක නිරත වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව සඳහන් කළේ, අද(12) මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

මේ අතර පොලීසිය පැවසුවේ, වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

සැකකරු හඳුනාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා යුධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටින බව පොලීසිය පැවසීය.

වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් අනුරාධපුර රෝහලේ රෝහල් කාර්යය මණ්ඩලය සේවාවවලින් ඉවත්ව ඊයේ (11) විරෝධතාවක් ද ආරම්භ කළේ ය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.