ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා "නෝ කිංග්ස්" විරෝධතා
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට කේන්ද්‍රස්ථානයක් වන මලයාලම් සිනමාවේ ජරාජීර්ණ අන්ත හෙළිකරන මතභේදාත්මක වාර්තාවක්, එරට සිනමා කර්මාන්තය පිළිබඳ ප්‍රතිරූපය උඩුයටිකුරු කර තිබේ.
එම කර්මාන්තයේ නියුතු කාන්තාවන් මුහුණ දෙන ගැටළු පිළිබඳ කතාකෙරෙන පිටු 290කින් යුත් මෙම වාර්තාව 2017 දී පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සම්පාදනය කරන ලද්දකි.
වින්දිතයන්ගේ සහ චූදිතයන්ගේ අනන්‍යතා හෙළි නොවන පරිදි නැවත සකස් කළ මෙම වාර්තාව මගින්, කර්මාන්තය “බලවත් පිරිමින්ගේ මාෆියාවක්” විසින් පාලනය කෙරෙන බවත්, “කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම් බහුලව සිදු කෙරෙන” බවත් අනාවරණය කෙරේ.
කේරළ හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් 2017 දී ප්‍රාන්ත රජය පිහිටුවන ලද ''හේමා'' ත්‍රිපුද්ගල කමිටුව විසින් සිනමා රූගත කිරීම් සිදු කරන ස්ථානවල දක්නට ලැබෙන අඩු සේවා තත්ව - කනිෂ්ඨ කලාකරුවන් සඳහා වැසිකිළි හා ඇඳුම් මාරු කිරීමේ කාමර නොමැතිකම, ඔවුන්ට ආහාර සහ ජලය නොමැති වීම, අඩු වැටුප් සහ නවාතැන් හෝ ප්‍රවාහන පහසුකම් නොමැති වීම - විස්තර කරයි,
“වැසිකිළි නැති නිසා කාන්තාවන්ට යන්න වෙන්නේ පඳුරු අස්සට හෝ ලොකු ගස් පිටුපසට. ඔසප් කාල තුළ, ඔවුන්ගේ සනීපාරක්ෂක තුවා දිගු වේලාවක් වෙනස් කිරීමට නොහැකි වීම සහ වැඩි වේලාවක් මුත්‍රා බර රඳවා තබා ගැනීමෙන් ශාරීරික අපහසුතා මෙන්ම ඔවුන් අසනීප වන අතර සමහර අවස්ථාවල රෝහල් ගත කිරීමට සිදු වේ,” වාර්තාවේ දැක්වේ.
2019 දෙසැම්බර් මාසයේදී රජයට ඉදිරිපත් කරන ලද වාර්තාව වසර පහකට ආසන්න ප්‍රමාදයකින් සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ සාමාජිකයින්ගේ විවිධ නීතිමය අභියෝගවලින් පසු මෙම සතියේ දී ප්‍රසිද්ධියට පත් කෙරුණි.
මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කරන ලද්දේ, දකුණු ඉන්දීය සිනමාපට 80කට වැඩි සංඛ්‍යාවක් සඳහා රංගන දායකත්වය සපයා ඇති, සම්මාන රැසක් දිනූ භාවනා මෙනන් නම් රංගන ශිල්පිනිය 2017 වසරේ දී ඉන්දියාවේ ත්‍රිස්සුර් සිට කොච්චි දක්වා ගමන් කරමින් සිටිය දී පුද්ගලයින් කණ්ඩායමක් විසින් ඇයට ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමේ මතභේදාත්මක සිදුවීමෙන් අනතුරුවයි.
මලයාලම් සිනමාවේ ප්‍රකට තරුවක් මෙන්ම ඇය සමඟ සිනමාපට විශාල ප්‍රමාණයක රඟ දැක්වූ දිලිප්, මෙම ලිංගික හිංසන සිදුවීමට චූදිතයෙක් වූ අතර ඔහුට එරෙහිව සාපරාධී කුමන්ත්‍රණ චෝදනා ද එල්ල වීය. තමන්ට එරෙහි චෝදනා දිලිප් ප්‍රතික්ෂේප කළ නමුත් අත්අඩංගුවට පත්වූ ඔහු ඇප මත නිදහස් වීමට පෙර මාස තුනක කාලයක් සිර දඬුවම් වින්දේ ය. මෙම නඩුව මේ වනවිටත් අධිකරණයක විභාග වෙමින් තිබේ.
2017 වසරේ දී බලෙන් පැහැරගැනීමකට සහ ලිංගික හිංසනයකට මුහුණ දුන් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි භාවනා මෙනන් වසර 5කට පසු එනම් 2022 වසරේ දී එම සිදුවීම ගැන හඬ අවදි කළ අතර එහිදී ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ ඔස්සේ පළ කර තිබූ පෝස්ටුවක සටහන් කර තිබුණේ "වින්දිතයකුගේ සිට දිවි රැක ගත්තකු දක්වා තමන් පැමිණි ගමන ලෙහෙසි එකක් නොවුණු," බවයි.
"වින්දිතයෙක් විදියට ඉඳලා ගොඩ ආපු කෙනෙක් විදියට මේක ලේසි ගමනක් වුණේ නැහැ. අපරාධය කළේ මම නොවුණත් මට නින්දා කරන්න, නිහඬ කරන්න, මා හුදෙකලා කරන්න උත්සාහ කළා. ඒ වගේ අවස්ථාවලදී මට හයියක් වුණ අය හිටියා. දැන් මං වෙනුවෙන් හඬ නගන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා ඉද්දි, යුක්තිය බලාපොරොත්තු වෙන මේ සටනේ මම තනියෙන් නෙවෙයි කියලා මම දන්නවා.”
© අවාරා
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.