PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නිශ්චිත සැලසුමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු සඳහන් කළේ විදුලි වාහන සඳහා නිකුත් කෙරෙන මෙම කොළ පැහැති අංක තහඩු නීත්‍යානුකූලව වලංගු බවයි.
අනෙකුත් වාහන සඳහා සුදු සහ කහ පැහැති අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, ලියාපදිංචි කර ඇති වාහන 88,740ක් සඳහා නව අංක තහඩු සකස් කර ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, 2026 ජුනි 10 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය තුළ ලියාපදිංචි කළ වාහන 56,233ක් සඳහා වන අංක තහඩුද ඊට ඇතුළත්.
මීට අමතරව, 2023 සහ 2024 වසරවලදී ලියාපදිංචි කළ වාහන 32,507ක් සඳහාද නව අංක තහඩු සකස් කර තිබේ.
එම වාහනවල හිමිකරුවන්ට නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ අදාළ අංක තහඩු ලබා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.