CLOSE

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර අද (20) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙනු ලැබීය.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

අදාළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.