PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, අප්‍රේල් මස අස්වැසුම ප්‍රතිලාභ දීමනා සිංහල හා දෙමළ අවුරුදු සැමරුමට පෙර ගෙවීම සිය අරමුණ වූ බවය.
ඒ අනුව පළමු අදියර සහ දෙවන අදියර අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා එම දීමනාව 2026.04.10 දින ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කළ බව සඳහන්ය.
මෙම දීමනාවලට අමතරව මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අන්ත දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක් ද දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 5,000ක් ද අවධානමට ලක්වූ කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද ගෙවීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මඟින් මසකට දෙවරක් ගෙවීම සිදු කිරීමට අවස්ථාවක් නොමැති බවත් ඒ හේතුවෙන් මෙම විශේෂ අලුත් අවුරුදු සහන දීමනාව පද්ධතියෙන් බාහිරව සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර ගෙවී කටයුතු කිරීම මණ්ඩලයේ ප්‍රමුඛ වගකීම වූ බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
ඒ හේතුවෙන් සේවයේ අවශ්‍යතා මත විශේෂ දීමනා ගෙවීමට අදාළ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17කට ආසන්න ලේඛනයක් සකස් කර SLIP ලිපිගොනු 90,000ක ධාරිතා මට්ටමින් කාණ්ඩ කර සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ බැංකු ගිණුම් ක්‍රියාත්මක වන ලංකා බැංකුවට උඩුගත කර ඇති අතර එහිදී අතපසුවීමකින් Slip ලිපිගොනුවක් දෙවරක් උඩුගතවී තිබේ.
එහිදී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ ද්වීත්ව ගෙවීමක් සිදුවී ඇති බවට අනාවරණවීමත් සමඟ අදාළ ගෙවීම අත්හිටුවීමට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන ඇති අතර එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට නැවත බැර කරන ලෙසට බැංකු වෙත දන්වා ඇත.
කෙසේවෙතත් අප්‍රේල් ද්වීත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් ලබාගැනීම හේතුවෙන් අය කරගැනීම නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759කගේ රුපියල් 248,795,000ක මුදල් මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු සැළසුම් කර ඇත.
මෙම ක්ෂණික ක්‍රියාමාර්ග හේතුවෙන් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදු නොවූ බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
සේවා අවශ්‍යතාව මත කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට සිදුවීම හේතුවෙනුත් මසකට දෙවරක් ගෙවීම් කිරීමේ ඉඩ පහසුකම් පද්ධතිය තුළ නොමැති බැවින් මෙය පද්ධතියට බාහිර Slip ගොනු ආකෘතියෙන් ගෙවීම සිදු කිරීම හේතුවෙනුත් මෙම සිදුවීම වූ බවට තහවුරු කරන අතර එම ගෙවීම ඉතා කඩිනමින් නැවත අයකර ගැනීමට කටයුතු කර ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.