අදත් බස් ධාවනයේ
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
ලබන වසරේ මුල් භාගයේදී ලෝක ප්‍රසිද්ධ පොප් ගායක එඩ් ෂීරන්ගේ සංගීත ප්‍රසංගයක් ශ්‍රී ලංකාව පැවැත්වීමට පෞද්ගලික ආයතන දෙකක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඔහු සඳහන් කළේ 2025 වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයෙදී කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම ප්‍රසංගය Cinnamon Life සහ Bookmyshow යන ආයතන එක්ව සංවිධානය කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේවෙතත්, මෙම ප්‍රසංගය පැවැත්වීම සම්බන්ධ තීරණය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි වාර්තා වෙන්නේ.
වසර ගණනාවකින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු ජාත්‍යන්තර ගායන ශිල්පියා ඒ අනුව එඩ් ශීරන් වෙනු ඇති බවත් සංචාරක හා විනෝදාස්වාද කර්මාන්තය දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තවදුරටත් පවසා තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනිමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්ව භාග 09.32ට උදාවිය.