CLOSE

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 84,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 7ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු මෙම තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවයි.

මේ අතර, පානීය ජල අවශ්‍යතාවට මුහුණ දී සිටින ජනතාව සඳහා ජලය බෙදාහැරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් ආවරණය වන පරිදි පවුල් 24,144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකුට පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දෛනික අවශ්‍යතා සඳහා පවා ජලය සපයා ගැනීම දුෂ්කර වී ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර, මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.