CLOSE

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනය කරයි.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 67,174 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ.

ජූලි මාසයේ ගත වූ මුල් දින නවය තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,685 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි.

ඊයේ (10)දිනයේදී පමණක් රෝගීන් 1,110කට ආසන්න පිරිසක් වාර්තා වී ඇත.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.