විෂ රසායනික යොදා පලතුරු ඉදෙව්වොත් වැඩ වරදියි
විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
සමාජයක් ලෙස අපගේ වගකීම් නිසි පරිදි ඉටු කළේ නම් ඩෙංගු මරණ මෙන්ම දැනට රට තුළ වාර්තා වන ජලභීතිකා මරණ ද වළක්වා ගැනීමට හැකියාව තිබූ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය (ACAPSL) විසින් සංවිධානය කළ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේදී පැවැත්වුණු, මෙරට විශාලතම සුරතල් සත්ත්ව ප්‍රදර්ශනය වන ‘පෙට් එක්ස්පෝ ශ්‍රී ලංකා 2026‘ (Pet Expo Sri Lanka 2026) ප්‍රදර්ශනයේ දෙවැනි දින සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
“ජලභීතිකා ප්‍රතිකාර හා වැළැක්වීම් සඳහා රජයක් හැටියට දැවැන්ත මුදලක් යොදවනවා. ඒ වගේ ම ජනජීවිතය බිඳවැටෙන අවස්ථා අපි දැක තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා මරණ 20ක් මේ වන විට වාර්තාවී ඇතැයි දැනගැනීමට ලැබුණා. පුත්තලම දිස්ත්‍රික්කයෙන් පමණක් මරණ 04ක් වාර්තා වෙනවා. මේකත් අර ඩෙංගු රෝගය වගේම තමා. අපි සමාජයක් හැටියට අපේ සමාජ වගකීම් හරියට ඉටු කළා නම්, ඩෙංගු මරණ වගේම ජලභීතිකා මරණත් වළක්වා ගැනීමට තිබුණු මරණ.
දැන් අපට නව මානයකට පියවර තැබීමේ අවස්ථාව එළඹිලා තියෙනවා. ජලභීතිකාව මුළුමනින්ම තුරන් කිරීමේ අභියෝගය, ප්‍රජාවක් හැටියට ඒක දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්, මේ ක්ෂේත්රයේ ඉන්න වෙනත් වෘත්තිකයන් වෙන්න පුළුවන්. අපි දැක්කා ගොඩක් නව නිපැයුම්, අලුත් ගමනකට අවශ්‍ය කරන ප්රවේශයන් හදලා තියෙනවා. මේ සියල්ල එකතු කරගෙන ජලභීතිකාව තුරන් කිරීමේ දැවැන්ත මෙහෙයුමක්, අභියෝගයක් ඔබ අප ඉදිරියේ තියෙනවා.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.