සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
නේපාලයේ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
තවත් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර, සහන හා සෙවීම් මෙහෙයුම් සඳහා ගලවාගැනීමේ සේවකයන් 18,700කට වැඩි පිරිසක් යොදවා තිබේ.
චීන රාජ්‍ය විකාශක CCTV වාර්තා කරන පරිදි, ගංවතුර තත්ත්වය හේතුවෙන් ටිබෙට් හි අතුරුදන්ව සිටින 546 දෙනා අතර විදේශිකයින් 261 දෙනෙකු සිටින අතර, ඔවුන් රටවල් 23කට අයත් පුද්ගලයින් බව සඳහන් වේ.
එමෙන්ම, සෙනසුරාදා පස්වරු 6.00 වනවිට ශිගාට්සේ නගරයේ ගයිරොං ප්‍රාන්තයට බලපෑ නායයෑමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව CCTV වාර්තා කරයි.
නේපාල කාලගුණ අනාවැකි අනුව වර්ෂාව අවම වශයෙන් සඳුදා දක්වා පැවතිය හැකි බැවින්, දැනටමත් අසීරු වී ඇති සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් අභියෝගයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උතුරු නේපාලයේ ජල විදුලි බලාගාරවල උමං තුළ තවදුරටත් පුද්ගලයන් රැසක් සිරවී සිටින අතර, ඝන මඩ තට්ටු හේතුවෙන් ගලවාගැනීමේ කණ්ඩායම්වලට එම උමං වෙත ඇතුළුවීම දුෂ්කර වී තිබේ.
මේ අතර, සහන කටයුතු සඳහා ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකම විශේෂඥ කණ්ඩායම් නේපාලයට යවා තිබේ. විදේශිකයින් සිය ගණනක් අතුරුදන්ව සිටින බැවින් ජාත්‍යන්තර සහනාධාර ද අඛණ්ඩව ලැබෙමින් පවතී.
එක්සත් ජනපදය නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක මානුෂීය ආධාරයක් ලබාදීමට ප්‍රතිඥා දී ඇති අතර, බ්‍රිතාන්‍යය සිය පුරවැසියන්ට සහාය වීම සඳහා ඉක්මන් යෙදවීම් කණ්ඩායමක් නේපාලයට යවා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්ය නිකේතන් ප්රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.