දෙවන ගංවතුර අවදානමක් : චීනය නේපාල-ටිබෙට් දේශසීමාවේ ගලවා ගැනීමේ කටයුතු අත්හිටුවයි
නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු චීන බලධාරීන් විසින් අත්හිටුවා ඇත.
නේපාලයේ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
තවත් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර, සහන හා සෙවීම් මෙහෙයුම් සඳහා ගලවාගැනීමේ සේවකයන් 18,700කට වැඩි පිරිසක් යොදවා තිබේ.
චීන රාජ්‍ය විකාශක CCTV වාර්තා කරන පරිදි, ගංවතුර තත්ත්වය හේතුවෙන් ටිබෙට් හි අතුරුදන්ව සිටින 546 දෙනා අතර විදේශිකයින් 261 දෙනෙකු සිටින අතර, ඔවුන් රටවල් 23කට අයත් පුද්ගලයින් බව සඳහන් වේ.
එමෙන්ම, සෙනසුරාදා පස්වරු 6.00 වනවිට ශිගාට්සේ නගරයේ ගයිරොං ප්‍රාන්තයට බලපෑ නායයෑමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව CCTV වාර්තා කරයි.
නේපාල කාලගුණ අනාවැකි අනුව වර්ෂාව අවම වශයෙන් සඳුදා දක්වා පැවතිය හැකි බැවින්, දැනටමත් අසීරු වී ඇති සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් අභියෝගයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උතුරු නේපාලයේ ජල විදුලි බලාගාරවල උමං තුළ තවදුරටත් පුද්ගලයන් රැසක් සිරවී සිටින අතර, ඝන මඩ තට්ටු හේතුවෙන් ගලවාගැනීමේ කණ්ඩායම්වලට එම උමං වෙත ඇතුළුවීම දුෂ්කර වී තිබේ.
මේ අතර, සහන කටයුතු සඳහා ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකම විශේෂඥ කණ්ඩායම් නේපාලයට යවා තිබේ. විදේශිකයින් සිය ගණනක් අතුරුදන්ව සිටින බැවින් ජාත්‍යන්තර සහනාධාර ද අඛණ්ඩව ලැබෙමින් පවතී.
එක්සත් ජනපදය නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක මානුෂීය ආධාරයක් ලබාදීමට ප්‍රතිඥා දී ඇති අතර, බ්‍රිතාන්‍යය සිය පුරවැසියන්ට සහාය වීම සඳහා ඉක්මන් යෙදවීම් කණ්ඩායමක් නේපාලයට යවා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු චීන බලධාරීන් විසින් අත්හිටුවා ඇත.
නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ විනාශකාරී ගංවතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළගොස් ඇති බවට එරට පොලීසිය පවසයි.
නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.