PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත් ගොවීන් සඳහා අද දින රක්ෂණ වන්දි මුදල් අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සලසා ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්කයන්හී සියලුම ගොවීන් හට එළැඹෙන 15 වැනි දිනට පෙර වගා හානි වන්දි ගෙවීමට කටයුතු යොදා තිබේ.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල වී, බඩ ඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන්ට හානි සිදුව තිබේ.
එම සිදුවූ වගා හානි පිළිබඳව ගොවීන් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් විසින් කඩිනමින් වගා බිම් වෙත ගොස් වගා හානි පරීක්ෂා කිරීම සිදුකර හානි සිදුවූ වගා බිම් ප්‍රමාණය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම්වලට නිදහස් කිරීමට තීරණය වී තිබුණි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක පමණ ප්‍රමාණයක් රජය විසින් මේ වන විටත් වෙන් කර ඇති බවය.
මෙහිදී හානියට පත් වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්ථාපල්, සොයා සහ මිරිස් යන භෝග 06ක් සඳහා හෙක්ටයාරයක් සඳහාරුපියල් ලක්ෂයක මුදලක් ලෙස උපරිම අක්කර 05ක් සඳහා වන්දි මුදල් ලබා දීම සිදු කරන බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.