මිහින්තලේ ළමුන් 11 දෙනකු ලෙඩ කළ ඖෂධය ගැන ගත් තීන්දුව මෙන්න
මිහින්තලේ ප්‍රාදේශීය රෝහලේ දී ලබාදුන් ඖෂධයක් මගින් ළමුන් 11 දෙනෙකුට සංකුලතා ඇති කිරීමේ සිදුවීමට අදාළ ඖෂධ සහිත ඇසුරුම් (Container) තත්ත්ව පරීක්ෂාව පිණිස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යොමුකර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙම ඖෂධයේ ඉතිරිය භාවිතා කිරීම අත්හිටුවා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.