CLOSE

මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි ළමයෙකුට වධහිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව සහ ඇයගේ සැමියා තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් විසින් වින්දිත බාල වයස්කාර පිරිමි ළමයාගේ ලිංගික ප්‍රදේශයට මිරිස් කුඩු දමා හිංසා පමුණුවා ඇතැයි පොලිසිය පවසයි.

එම දරුවා මාරස්සන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලට මාරු කර යවා ඇත.

සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.