CLOSE

ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (27) උදෑසන එම කාර්යංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු නිලධරයන් කණ්ඩායමක් බෙලිඅත්ත ප්‍රදේශයේ සැකකරු පදිංචිව සිටි නිවස වෙත ගොස් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 21 ක් වූ තරුණයෙක් වන සැකකරුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇති අතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.