සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.
මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙස වාර්තා අතරටද එක්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 282ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 107ක් පමණි.
මෙය එක්දින තරගයකදී ශ්‍රී ලංකාව හමුවේ දැවීගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව විය.
කෙසේ නමුත් ආසියානු තණතීරුවකදී මෙය ඔස්ට්‍රේලියාව දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
මීට පෙර ඔවුන් ආසියාවේදී දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ මීට වසර 40කට පෙර එනම් 1985 වසරේදී ඉන්දියාව හමුවේ ලකුණු 139කට දැවීයාමයි.
ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයත් සමග තරග 2කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජය ගත්තේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.