CLOSE

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට සැකපිට මෙම නඩුව පවරා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර අදාළ විමර්ශන උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සඳහා නඩුව අද යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.