මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බොලිවුඩ් නළු සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබේ.
ඛාන් සිය පවුලේ සාමාජිකයින් සමග වෙසෙන මුම්බායි නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු ඔහුට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ බ්‍රහස්පතින්දා (ජන:16) අලුයම ය.
මධ්‍යම රාත්‍රියෙන් පසු ඔහුගේ නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සහ ඔහු අතර ඇති වූ බහින්බස් වීමක් අතරතුර සෙයිෆ් අලි ඛාන් තුවාල ලබා ඇතැයි මුම්බායි නාගරික පොලිසිය බීබීසී මරාති සේවයට පවසා ඇත.
සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි ලීලාවතී රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු ශල්‍යකර්මයක් සිදු කර තිබේ.
සෙයිෆ් අලි ඛාන්ට පිහි පහර 6ක් එල්ල වී ඇති අතර, ඉන් දෙකක් ගැඹුරු තුවාල සහිත ඒවා බව එම රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නීරජ් උත්තමානි පවසයි.
"එක පිහි පහරක් කොඳු ඇට පෙළට ළඟින් ම වැදිලා ඔහුට ශල්‍යකර්මයක් කළා," ඔහු පැවසීය.
පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.