PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ රැස්වීම් කිහිපයක් ඇමතීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සිටියදී වෙනත් අපේක්ෂකයෙකුගේ මැතිවරණ වේදිකාවට ගොඩවීම මැතිවරණ නීතිය කඩකිරීමක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මානගේ ට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ප්‍රේමසිරි මානගේ සජිත් ප්‍රේමදාස ගේ ජය තහවුරු කිරීම සඳහා තංගල්ල මාතර සහ ඒ අවට ප්‍රදේශවල පැවති රැස්වීම් ගණනාවකටම සහභාගි වී ඇති බවත් සමහර රැස්වීම් අමතා ඇති බවත් වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ට තොරතුරු අනාවරණය වීමෙන් පසු විමර්ශනයක් පවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස්දී ඇත.
මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමට නීතියෙන් ඉඩකඩක් නැති බවයි.
වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් කාලය ලබාදීමේදීද යම් තීරණයක් ගැනීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.
මානගේ 2004 - 2010 අතර කාලයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් අප ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි ගේ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සජිත් ප්‍රේමදාස ගේ රැස්වීම් අසලින් ගමන් ගත් අවස්ථාවේදී ජනතාවගෙන් කෙරුණු ඉල්ලීම් අනුව තමා එම රැලිවලදි ජනතාව වෙනුවෙන් අදහස් පළ කළ බවයි.
අපේක්ෂකයන් තිදෙනෙකුට මනාප ලකුණු කිරීමට මැතිවරණ නීතිය අනුව හැකියාව තිබෙන හෙයින් ඒ අනුව යමින් තමාට පළමු මනාපයදී ඊට පසු දෙවැනි මනාපය වශයෙන් අපේක්ෂකයෙකු තෝරාගන්නා ලෙස එහිදී ජනතාව දැනුවත් කළ බවද ඔහු කීවේය.
මැතිවරණ නීතියේ ඇති දෙයක් ගැන දැනුවත් කළා මිස වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නොකළ බවද මානගේ ප්‍රකාශ කළේය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.