හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ රැස්වීම් කිහිපයක් ඇමතීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සිටියදී වෙනත් අපේක්ෂකයෙකුගේ මැතිවරණ වේදිකාවට ගොඩවීම මැතිවරණ නීතිය කඩකිරීමක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මානගේ ට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ප්‍රේමසිරි මානගේ සජිත් ප්‍රේමදාස ගේ ජය තහවුරු කිරීම සඳහා තංගල්ල මාතර සහ ඒ අවට ප්‍රදේශවල පැවති රැස්වීම් ගණනාවකටම සහභාගි වී ඇති බවත් සමහර රැස්වීම් අමතා ඇති බවත් වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ට තොරතුරු අනාවරණය වීමෙන් පසු විමර්ශනයක් පවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස්දී ඇත.
මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමට නීතියෙන් ඉඩකඩක් නැති බවයි.
වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් කාලය ලබාදීමේදීද යම් තීරණයක් ගැනීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.
මානගේ 2004 - 2010 අතර කාලයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් අප ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි ගේ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සජිත් ප්‍රේමදාස ගේ රැස්වීම් අසලින් ගමන් ගත් අවස්ථාවේදී ජනතාවගෙන් කෙරුණු ඉල්ලීම් අනුව තමා එම රැලිවලදි ජනතාව වෙනුවෙන් අදහස් පළ කළ බවයි.
අපේක්ෂකයන් තිදෙනෙකුට මනාප ලකුණු කිරීමට මැතිවරණ නීතිය අනුව හැකියාව තිබෙන හෙයින් ඒ අනුව යමින් තමාට පළමු මනාපයදී ඊට පසු දෙවැනි මනාපය වශයෙන් අපේක්ෂකයෙකු තෝරාගන්නා ලෙස එහිදී ජනතාව දැනුවත් කළ බවද ඔහු කීවේය.
මැතිවරණ නීතියේ ඇති දෙයක් ගැන දැනුවත් කළා මිස වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නොකළ බවද මානගේ ප්‍රකාශ කළේය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.