සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ඊශ්‍රායල-ගාසා සටන් විරාම ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳ යෝජනා හුදෙක් රැවටිල්ලක් පමණක් බව හමාස් සංවිධානය පවසයි.
ඒ සම්බන්ධයෙන් තමන්ට සුබවාදී හැඟීමක් ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිකුරාදා ප්‍රකාශ කර තිබුණි. ඔහු එලෙස කියා තිබුනේ කටාර් හිදී දින දෙකක් පුරා පැවති එක්සත් ජනපද පිටුබලය ලත් සාකච්ඡා වටවලින් අනතුරුව යි.
"අපි වෙන කවරදාටත් වඩා සමීපයි,'' යනුවෙන් ඔහු පවසා තිබුණි.
කෙසේ වෙතත්, හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට ප්‍රකාශ කර තිබුණේ කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති අතර සාකච්ඡාවල මැදිහත්කරුවන් ලෙස ක්‍රියාකරන්නන් "රැවටිල්ල විකුණමින් සිටින" බවයි.
ඊශ්‍රායලය ප්‍රකාශ කළේ “ හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කිරීම වැළක්වීමට එක්සත් ජනපදය සහ මැදිහත්කරුවන් ගන්න උත්සාහය අගය කරන” බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්ය නිකේතන් ප්රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.