මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක සහභාගීත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු ජනාධිපතිවරයාට සහාය පළ කරන සියලුම පක්ෂ වල නියෝජිතයන් ඒ ඒ ආසන මට්ටමින් මෙම ඒකාබද්ධ කමිටුවට ඇතුළත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.
ගෙන් ගෙට යාම, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම සහ ආසන මට්ටමින් සංවිධාන කටයුතු කිරීම සහ මෙහෙයවීම මෙම ආසන ඒකාබද්ධ කමිටු වලට පැවරේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජවර්ධන ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වල දිස්ත්‍රික් නායකයෝ සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසූයේ කාලයක් නයි මුගටි දේශපාලනයේ නිරත වූ අය රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස එකතු වීම රටේ අනාගතය වෙනුවෙන් ගත් සුවිශේෂ පියවරක් බවයි.
"කාලයක් නයිමුගටි දේශපාලනය කරපු අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස එකතුවීම රටේ අනාගත ය වෙනුවෙන් ගත් සුවිශේෂ පියවරක්. ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක්ද වනු ඇති මේක අලුත් දේශපාලන සංස්කෘතියක් කිසිම දේශපාලන පක්ෂයක ලාංඡනයක් අපි ගන්නේ නැහැ. අපි යන්නේ එක්ව ජයගමු කියල තේමා පාඨය ඔස්සෙයි. නමුත් අපි අතර අර්බුධ ඇති කරන්න යම් යම් කණ්ඩායම් කුමන්ත්‍රණ කරාවි. අපේ එකම අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමයි. ඒකට හැමෝගම සහය අවශ්‍යයි.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.