මැලේසියාව: ගින්නකින් පැල්පත් දහසක් විනාශ වෙයි
මැලේසියාවේ සබා ප්‍රාන්තයේ බෝර්නියෝ දූපතේ වෙරළබඩ ගම්මානයක ඉරිදා ඇති වූ දැවැන්ත ගින්නකින් තාවකාලික නිවාස 1,000 ක් පමණ විනාශ වී ඇති අතර, එහි පදිංචිකරුවන් අවතැන් වී තිබේ.
2025 IPL ශූරයන් බවට පත්වූ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල අද (4) පැවති සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සංවේගය ප්‍රකාශ කර ඇති අතර තුවාල ලත් පිරිස ට ඉක්මන් සුව පතා ඇත.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (3) පැවති අතර, ඉන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 6කින් පරාජය කිරීමට බෙංගලූරු කණ්ඩායමට හැකිවිය.
ඒ අනුව බෙංගලූරු කණ්ඩායම වසර 18ක අයි. පී. එල්. ඉතිහාසයේ සිය පළමු කිරුළට හිමිකම් කීවේය.
මෙම ඓතිහාසික ජය සැමරීම සඳහා කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය (KSCA) විසින් බෙංගලූරු එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සංවිධානය කර තිබූ උපහාර උත්සවය අතරතුර මෙම තෙරපීම සිදුව තිබේ.
කර්ණාටක නියෝජ්‍ය මහ ඇමති ඩී.කේ. ශිවකුමාර් පවසා ඇත්තේ පිරිස පාලනය කළ නොහැකි වූ බවයි.
අධික තෙරපීම පාලන කිරීම සඳහා 5,000කට අධික කාර්ය මණ්ඩලයක් යොඳවා ඇති බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැලේසියාවේ සබා ප්‍රාන්තයේ බෝර්නියෝ දූපතේ වෙරළබඩ ගම්මානයක ඉරිදා ඇති වූ දැවැන්ත ගින්නකින් තාවකාලික නිවාස 1,000 ක් පමණ විනාශ වී ඇති අතර, එහි පදිංචිකරුවන් අවතැන් වී තිබේ.
"සටන් විරාමයේ ඉතිරි කාලය තුළ" හෝමූස් සමුද්‍ර සන්ධිය "සම්පූර්ණයෙන්ම විවෘත යැයි ප්‍රකාශිත" බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.