මැද පෙරදිග පවතින තත්ත්වයට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.

මෙම හදිසි ප්‍රතිචාර ඒකකය සති අන්තයද ඇතුළුව දිනපතා පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා ක්‍රියාත්මක වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ, හදිසි ප්‍රතිචාර ඒකකයට +94117445641, +94112207250, +94777189552 යන සම්බන්ධීකරණ අංක හරහා (වට්ස්ඇප් හරහා) විදෙස්ගත  පවුල්වලට සහ පුද්ගලයන්ට මෙම අංශය හා සම්බන්ධ විය හැකිය.

emergency.sl@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් ද , විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට +94742595546 යන දුරකථන අංකයෙන් ද, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන1989 යන අංකයෙන් සහ +94719802822 යන අංකයෙන් ද මේ සදහා විමසුම් කළ හැකිවේ. සහය අවශ්‍ය පාර්ශවයන්ට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර ඒකකය හා මෙසේ  සම්බන්ධ විය හැකි වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.