සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඩ්‍රෝන යානා නියාමනය සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බවය.
"සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ඩ්‍රෝන යානා නියාමනයක් සිදුකරනවා. ඇත්තටම ගත්තොත් මෙහි කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයින් ගෙනයන ඩ්‍රෝන යානා සහ පුද්ගලයින් රහිත ඩ්‍රෝන යනා. මේවා සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හැටියට විධිමත්ව ගුවන් ගත කිරීම සඳහා රෙගුලාසි හඳුවා දීලා තියෙනවා. අපි මේ වසරේ සිට එවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපි මේක කලින් හඳුන්වා දුන්නේ වසර දෙකකට කලින්. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙහි කොටස් වර්ග කිහිපයක් තියෙනවා ග්‍රෑම් 250 සිට කිලෝ ග්‍රෑම් 25 දක්වා කොටස, ඊට පහළට වෙන්න සෙල්ලම් බඩු කියන වර්ගයට වැටෙන ඒවා අපි නියාමනය කරන්න අපි යන්නේ නැහැ මොකද සිවිල් ගුවන් සේවා අධිකාරිය ග්‍රෑම් 250ක් සහ වාණිජ පදනමෙන් පාවිච්චි කරනවානම් අපි එය නියාමනය කරන්න අවශ්‍ය. ඉතින් ඒ සඳහා කිසිම ගැටලුවක් නැහැ. ඔවුන් එවා ආනයනය කරනවාට වෙනම රෙගුලාසි තියෙනවා ඒවට අනුකූලව කරන්න පුළුවන්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.