තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04) සිදු කෙරෙන අතර පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් සැලසුම්කරණ ලද ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 24 සිට පැය 18ක් දක්වා අඩුකිරීමට පියවර ගත් බව යි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (03) පස්වරුවේ නිවේදනය කළේ.
පාදුක්ක ප්‍රදේශයට පෙරේදා රාත්‍රී 8 සිට ඊයේ පස්වරු 2 දක්වා ජල කප්පාදුවක්
හෝමාගම ප්‍රදේශයට ද ඊයේ (03) රාත්‍රි 8 සිට අද (04) පස්වරු 2 දක්වා ජල කප්පාදුවක්
පැලැන්වත්ත ප්‍රදේශයට අද (04) රාත්‍රි 8 සිට අප්‍රේල් 5 වැනිදා පස්වරු 2 දක්වා ජල කප්පාදුවක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ මෙම ජල කප්පාදුව පාදුක්ක, හෝමාගම සහ පැලැන්වත්ත ප්‍රදේශවලට දින තුනකට වරක් සිදුකරන බවය.
එමෙන්ම බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල ප්‍රදේශවලට දිනක් හැර දිනක් රාත්‍රී 10 සිට අලුයම 1 දක්වා පැය 3ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙනු ඇත.
ජල කප්පාදුව සිදුනොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට කටයුතු යොදා ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.