දඹදිව වන්දනාවේ යන ලාංකිකයින්ට නොමිලේ වීසා
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් මිලියනයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (8) නියම කර තිබේ.
ඒ, තම දරුවාගේ පියා වූ චාමික කරුණාරත්න දරුවාගේ පීතෘභාවය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් කරමින්, ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාරත්න නමැත්තිය ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව යි.
තමන් කරුණාරත්න සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපත ලැබූ බවත්, පීතෘත්වය තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණයක් පවත්වන ලෙසත් පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
කරුණාරත්නගේ නීතිඥ අසේල රැකව ඉල්ලීමට විරුද්ධ වෙමින් කියා සිටියේ තම සේවාදායකයා චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, එම කාලය තුළ පැමිණිලිකරු ඉන්දියානු ජාතිකයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත්ය.
මහේස්ත්‍රාත්වරයා චාමික කරුණාරත්නට ඇප ලබා දී නඩුව 2026 ජනවාරි 30 නැවත විභාග කිරීමට දින නියම කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබේ.
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.