පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් පසුගියදා (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් ඒවා භාවිත කිරීම අවම කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.
මෙම නඩුකරයට අදාළව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෝසමක් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් අබේකෝන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළෙඳ ආයතනවලින් පාරිභෝගිකයින්ට නිකුත් කරනු ලබන ෂොපිං මලු භාවිතය අවම කිරීම සඳහා ඒ මත කිසියම් බද්දක් පැනවීමට කටයුතු කරන බවට පරිසර අමාත්‍යවරයා විසින් 2024 වසරේ මාර්තු මස 28 වනදා පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට එකඟතාවයක් පළ කර තිබු බව එම මෝසමේ සඳහන් කර තිබුණි.
එම එකඟතාවය අනුව වගඋත්තරකරුවන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම මෝසම ඉදිරිපත් කිරීමට සිදුවූ බව පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කියා සිටියේය.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා සඳහන් කළේ නොවැම්බර් මස පළවනදා සිට ෂොපිං මලු සඳහා කිසියම් ගාස්තුවක් අයකිරීමට හැකිවන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවය.
ඒ අනුව එම දැනුමදීමට පරිසරය යුක්ති කේන්ද්‍රය විසින් එකඟතාව පළ කළ අතර ඒ අනුව නඩු විභාගය අවසන් කිරීමටද නියම කෙරුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ අරුණ හැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.