මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙරටට ඩොලර් සොයා දීමට ඇති ක්‍රම පහෙන් වේගයෙන්ම මැදිහත්වීමට හැකි ක්ෂේත්රය සංචාරක ව්‍යාපාරය බව ජාතික ජන බලවේගයේ දේශපාලනික සභික නලින් හේවගේ පවසයි.
විදේශ මුදල් සෙවීමට ඇත්තේ ක්‍රම 5ක් බවත් මේ ක්‍රම හැර වෙනත් ක්‍රම හරහා ඩොලර් සෙවීමට නොහැකි බවත් ඔහු කියා සිටියේ ගාලු දිස්ත්‍රික්කයේ පැවති හමුවක දී ය.
සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් වශයෙන් වෙන් නොවූ දැවැන්ත මානව ප්‍රජාවේ එකතුවකට මෙරට බිඳ වැටුණු ප්‍රතිරූපය ලෝකය ඉදිරියේ නැවත ස්ථාපිත කිරීමට හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.